නව මාදිලියේ ’කොවිඩ්’ විකෘතියක්



ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධය දක්වන, නව මාදිලියේ 'කොවිඩ් 19' විකෘතියක් නිව්යෝක් නගරය කේන්ද්‍රකොට ගනිමින් වේගයෙන් ව්‍යාප්ත වන බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් දෙකක්, මෙම නව වයිරස විකෘතිය හඳුනා ගනිමින් ඒ සම්බන්ධයෙන් අධ්‍ය්‍යනය සිදු කර ඇති බව ද පැවැසෙයි. ඔවුන් එක් වී මෙම නව 'කොවිඩ් 19' විකෘතිය නම් කර ඇත්තේ 'බී.1.526' යන නමිනි.

'බී.1.526' විකෘතිය හඳුනා ගැනීමට පර්යේෂණ සිදු කර ඇත්තේ 'කැල්ටෙක්' විශ්ව විද්‍යාලයේ සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් යැයි ඇමෙරිකන් මාධ්‍ය පැහැදිලි කර තිබේ.

පළමුවෙන් මෙම නව විකෘතිය හඳුනා ගැනීම සිදුවී ඇත්තේ 2021 නොවැම්බරයේය. පසුගිය ජනවාරි මස අවසන් වනවිට නිව්යෝක් නුවර වැසියන් අතරේ, විශේෂයෙන් පළමු සහ දෙවැනි එන්නත් ලබා ගත් නිව්යෝක් නුවර වැසියන් අතරේ ද 'බී.1.526' විකෘතිය වේගයෙන් ව්‍යාප්තවීම ආරම්භ කර ඇති බව වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS