නව කොරෝනා වයිරස ආසාදිතයන් 240,842 ක්



ඉන්දියාවෙන් අවසන් පැය 24 ක කාලයේ දී නව කොරෝනා වයිරස ආසාදිතයන් 240,842 දෙනකු හඳුනාගෙන ඇති බවත් එම කාලයේ දී වයිරස ආසාදිත මරණ 3,741ක් වාර්තා වී ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (23) නිවේදනය කළේය. ­

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 26.5ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 299,266ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සඳහන් කරයි.

නව කොරෝනා වයිරසයෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉන්දියාවයි.

ඇමෙරිකාවට පසු ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණවල ඉහළම සාමාන්‍යයක් ඇති රට වන්නේ ද ඉන්දියාව යි.

ලොව නන්දෙසින් දෛනිකව වාර්තා වන ‘කොවිඩ්-19’ ආසාදිත සෑම මරණ තුනකින්ම එකක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙන් යැයි රොයිටර්ස් පුවත් සේවයේ දත්ත වාර්තා සඳහන් කරයි.

රොයිටර්


RECOMMEND POSTS