නව ආසාදිතයෝ 108 ක් චීනයෙන් හමුවෙයි
චීනයෙන් නව ආසාදිතයන් 108 දෙනකු හමුවී ඇති බවත්, ඔවුන්ගෙන් සිය දෙනකු විදේශවල සිට චීනයට පැමිණි චීන ජාතිකයන් බවත් පැවැසෙයි.
වයිරස ආසාදිතයන් ලෙස හඳුනා ගන්නා පිරිස් නිරෝධායනය කරන බවත් වයිරසය යළි චීනයේ හිසම එසවීමට ඉඩක් ලබා නොදෙන බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පවසා පවසා ඇත.
කෙසේ නමුත් ‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වුණු චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් මෙතෙක් කිසිදු ආසාදියකු හෝ මරණයක් හෝ වාර්තා වී නැත.
චීනයෙන් පිට වැඩියෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වූයේ ඉතාලියෙන්, ස්පාඤ්ඤයෙන් සහ ප්රංශයෙනි. කෙසේ නමුත් මේ වනවිට වයිරස ආසාදිත මරණ සංඛ්‍යාවේ අඩුවක් දකින්න ලැබෙන බව පැවැසෙයි.
කෙසේ නමුත් ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාවේ හෝ මරණ සංඛ්‍යාවේ අඩුවක් දකින්න නොලැබේ. ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ මරණ සංඛ්‍යාව 10,000 පසු කර ඇතැයි පැවැසෙයි.
‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් මේ වනවිට ලොව පුරා 1,18,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, 4,46,000 ක් සම්පූර්ණ සුවය ලබා ඇතැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වෙයි.
බීජීංහිදීය (රොයිටර්)

