නව අයි.එස්. නායකයා කවුරුන්දැයි හොඳින් දන්නවා

අල් බැග්ඩෑඩිගෙන් පසු, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ අබු ඊබ්‍රහීම් අල්හෂීමි අල් කුරේෂි කවුරුන්දැයි ඇමෙරිකන් බුද්ධි අංශ හොඳින් දන්නා බවත්, ඔහු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ආරම්භ කිරීමට සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.
අයි.එස්. සංවිධානය, ඔවුන්ගේ නායක අල් බැග්ඩෑඩි මියගිය බව තහවුරු කරමින්, නව නායකයා ලෙස අල් කුරේෂි පත් කර ගත් බව නිවේදනය කළේ පසුගිය පළමු වැනිදාය.
අල් බැග්ඩෑඩි මරා දැමීම සම්බන්ධයෙන් සතුටු නොවන ලෙසත් ඇමෙරිකාවට ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් එම අවස්ථාවේදී අයි.එස්. සංවිධානය අනතුරු ඇඟවීමක් ද කළේය.
එම අවස්ථාවේදී විදෙස් පුවත් සේවා වාර්තා කළේ ඇමෙරිකාවේ සී.අයි.ඒ. හෝ වෙනත් ජාත්‍යන්තර බුද්ධි අංශ හෝ අයි.එස්. නව නායක අල් කුරේෂි ගැන වැඩි විස්තර කිසිවක් නොදන්නා බවය.
‘නව අයි.එස්. නායකයා කවුරුන්දැයි අප (ඇමෙරිකාව) හොඳින් දන්නවා. ඔහු ගැන තොරතුරු අප සතුව තිබෙනවා.’ යැයි ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත්තේ ඊට පිළිතුරක් වශයෙනි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

