නව අගමැති රැජින හමුවෙයි

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසු බකිංහැම් මාලිගයට ගොස් නව රජයක් පිහිටුවන බව බොරිස් ජොන්සන් දෙවැනි එලිසබත් මහ රැජින හමුවී දැනුම් දුන්නේය.
නව අගමැතිවරයකු රැජින හමුවීමට ගොස් නව රජයක් පිහිටුවීම ගැන නිල වශයෙන් දැනුම් දීම බ්‍රිතාන්‍යයේ සම්ප්රදායයි.
දෙවැනි එලිසබත් මහ රැජින බොරිස් ජොන්සන්ට සුබ පැතූවාය. එපමණක් නොව, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක අවසන් කිරීමට හැකිවේවිදැයි ද විමසා ඇත.
(රොයිටර්ස්)

