නව අගමැතිට ඇමෙරිකාවෙන් සුබ පැතුම්

පාකිස්තානයේ නව අග්රාමාත්ය ෂෙහ්බාස් ෂරීෆ්ට ඇමෙරිකාවේ සුබ පැතුම් හිමිවන බව ඇමෙරිකන් රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසා තිබේ.
හිටපු පාකිස්තාන අග්රාමාත්ය නවාස් ෂරීෆ්ගේ සහෝදරයා මෙන්ම පාකිස්තානයේ විපක්ෂ නායකයා ලෙස ද කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ් අග්රාමාත්ය ධුරයට පත් වූයේ, ඉම්රාන් ඛාන් ධුරයෙන් පහ කිරීමෙන් පසුවය.
ඉම්රාන්ට ධුරය අහිමි වූයේ රටේ පවතින ආර්ථික අර්බුදයට ඔහු වගකිව යුතු යැයි විපක්ෂය චෝදනා නැගීමත් සමගය.
ඉම්රාන් චෝදනා නගා ඇත්තේ තමන් බලයෙන් නරපා දැමීමට ඇමෙරිකාව විපක්ෂයට මුදල් ලබා දී ඇති බවය.
ඇමෙරිකාව තමන් බලයෙන් නෙරපා දැමීමට විපක්ෂය සමඟ කුමන්ත්රණය කළේ තමන් චීනය සහ රුසියාව සමඟ හිතවත් නිසා යැයි ද ඉම්රාන් පෙන්වා දී ඇත.
ඇමෙරිකාව තමන්ට මුදල් දුන්නැයි ඔප්පු කළහොත්, එසැණින් තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව ෂෙහ්බාස් ෂරීෆ් පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

