නවසීලන්ත බංග්ලාදේශ ක්‍රිකට් තරගය අවලංගුයි



නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සිදු වූ වෙඩි තැබීමෙන් පසු නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි ටෙස්ට් තරගය අවලංගු කර ඇත. 

ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකකට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු නවසීලන්ත සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් එක්ව එම තීරණය ගෙන තිබේ. මෙම සිදුවීමෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දිවි ගලවාගෙන ඇත්තේ අනූනවයෙනි. වෙඩි ප්‍රහාරයකට ලක්වූ එක් පල්ලියකට සිකුරාදා දිනයේ යාඥා සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් සහභාගී වී සිටි බව ද පැවසේ. 

“ද හේග්ලි ඕව්ල් ටෙස්ට් තරගය අවලංගු කිරීමට නවසීලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් තීරණය කළා. ක්‍රීඩකයන් සහ නිලධාරීන් සියලු දෙනා ආරක්ෂිතයි” යනුවෙන් සඳහන් කරමින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

ටෙස්ට් තරගය අද (16) ආරම්භ වීමට නියමිතව තිබිණි. 

හර්ෂණ තුෂාර
ඒ.එෆ්.පී. ඇසුරිනි 

RECOMMEND POSTS