නවසීලන්ත පොලිස් නිලධාරියකුට වෙඩි



නවසීලන්තයේ  ඕක්ලන්ඞ් නුවර මාසෙයි පළාතේ රථ වාහන හසුරුවමින් සිටි පොලිස් නිලධාරියකු වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත් විය. තවත් පොලිස් නිලධාරියෙක් වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබුවේය.

වෙඩි තැබීම කළ මෝටර් රථය පැදවූ තැනැත්තා වහා එතැනින් පලා ගොස් ඇත. එසේ පලා යද්දී, පදිකයකු මෝටර් රථයේ ගැටී තුවාල ලබා ඇතැයි වාර්තා වේ. වෙඩි තැබීම කළ තැනැත්තා සහ මෝටර් රථය සොයා තවමත් මෙහෙයුම් සිදු කරන බව පොලිස්පති ඇන්ඩෲ කෝස්ටර් පවසයි.

වෙඩි තැබීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත. නවසීලන්තයේ රාජකාරියේ නියැලෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවන්නේ ඉතා අඩුවෙනි. එහෙයින්, පොලිස් නිලධාරීන් තුවක්කු ගෙන යන්නේ නැත.

මීට පෙර මේ අයුරින් පොලිස් නිලධාරියකු වෙඩි වැදී මියගියේ 2009 වසරේදීය. ඒ, නේපියර් නුවර පොලිස් නිලධාරියකු වරෙන්තුවක් අතැතිව සැකකරුවකුගේ නිවසක් සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදීය.

වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS