නවසීලන්ත අගමැතිනිය ආපසු හරවලා

සමාජ දුරස්ථභාවය රැක ගැනීම වෙනුවෙන් පනවා ඇති නව නීති හේතුවෙන්, සිය සහකරු සමඟ වෙලිංටන් අගනුවර අවන්හලකට ගොඩවුණු නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න්ට ආපසු හැරී යෑමට සිදුවිය.
සෞඛ්‍ය අංශ උපදෙස් අනුව, සමාජ දුරස්ථභාවය රැක ගැනීමට අවන්හල්වලට එම නව නීති පැනැවීම සිදු කළේ ද අග්‍රාමාත්‍යවරියයි.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට සමත් වීමෙන් පසු, නවසීලන්තය මේ වනවිට අදියරෙන් අදියර ලොක්ඩවුන් තහංචි ලිහිල් කර ඇත.
තහංචි ලිහිල් කිරීමත් සමඟ අවන්හල් විවෘත වූ අතර, පනවා ඇති නව නීති අනුව අවන්හල්වලට ඇතුළු කර ගන්නේ කිහිප දෙනකු පමණය. ඒ, සමාජ දුරස්ථභාවය රැක ගැනීම කළ යුතු බැවිනි.
නවසිලන්ත අග්‍රාමාත්‍යවරිය ඇගේ සහකරු ක්ලාක් ගේෆෝඞ් සහ තවත් මිතුරන් කීප දෙනකු රාත්‍රී ආහාරය වෙනුවෙන් වෙලිංටන් අවන්වලකට ගොස් ඇත. මෙම අවන්හල අග්‍රාමාත්‍යවරියගේ ප්‍රියතම අවන්හල ලෙස සැලකෙයි.
කෙසේ නමුත් අවන්හලේ සේවක සේවිකාවන් අග්‍රාමාත්‍යවරියට දන්වා ඇත්තේ ඇතුළට ගන්නේ සීමිත පිරිසක් බවත්, එම ප්‍රමාණය මේ වනවිට පිරී ඇති බවත්ය.
අග්‍රාමාත්‍යවරිය නිසාවත් විශේෂයක් කළ නොහැකි බව අවන්හලේ කළමණාකරු පවසා තිබේ.
අග්‍රාමාත්‍යවරිය සහ සහකරු ක්ලාක් ගේෆෝඞ් වෙනත් අවන්හලකට යෑමට තීරණය කර ඇති අතර, යුවල එහි යද්දී, පෙර අවන්හලේ කළමණාකරු වහා පැමිණ දන්වා ඇත්තේ කෑම කා අවසන් වූ යුවලක් පිටව ගිය බවත් යළි අවන්හලට පැමිණෙන ලෙසත්ය. ඒ අනුව, අග්‍රාමාත්‍යවරිය ඇගේ ප්‍රියතම අවන්හලට යළි පැමිණ ඇත.
වෙලිංටන්හිදීය (රොයිටර්)

