නවසීලන්තය විදෙස් ආධාර පතයි



‘ගෙබ්‍රියෙල්’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් නවසීලන්තය විදෙස් ආධාර බලපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

‘ගෙබ්‍රියෙල්’ සුළි කුණාටුව හේතුවෙන් නවසීලන්තයේ උතුරුදිග පළාත්වලට දැඩි බලපෑම් එල්ල විය. නිවාස බොහොමයක් නායයෑම්වලට ද හසුවිය. පළාත් රැසක් ජලයෙන් යටවිය.

පීඩාවට පත් වුණු නවසීලන්ත වැසියන්ට යළි හිස එසවීමටට ටික කාලයක් ගත වනු ඇතැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජාත්‍යන්තර ප්‍රජාවට පවසා තිබේ.

නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් අපවිත්‍ර වුණු නිවාස පිරිසුදු කිරීමේ කටයුතු මේ වනවිට ලහිලහියේ සිදුවෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS