නවසීලන්තයේ සරම්ප වසංගතයක්
නවසීලන්තයේ සරම්ප වසංගතයක් පැතිරයමින් පවතින බවත්, ඉකුත් ජනවාරි පළමු වැනිදා සිට අද (5) වනවිට සරම්ප රෝගීන් 1,051 ක් හමුවී ඇති බවත් ලේක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව කියා සිටියේ නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ වාර්තා පාදක කරගනිමිනි. නවසීලන්තයෙන් පමණක් නොව ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයකින් ද අන් කවරදාටත් වඩා මෙම වසරේ සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා විය.
නවසීලන්තයේ සරම්ප රෝගීන් බහුලව හමුවී ඇත්තේ ඕක්ලන්ඞ් නුවරින්ය. එම සංඛ්‍යාව 877 ක් යැයි නවසීලන්ත බලධාරීන් නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
ඕක්ලන්ඞ්හිදීය (රොයිටර්ස්)

