නවසීලන්තයේ වැටුප් කපා දැමේ

මාස 6 ක කාලයක් සඳහා නවසීලන්තයේ සියලු ඇමාත්යවරුන්ගේ සහ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වැටුප සියයට 20 කින් කපා හැරීමට තීරණය කළ බව නවසීලන්ත අගමැතිනී ජැසෙන්ජා එර්ඩන් පවසා ඇත.
‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තිය හමුවේ රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම වැටුප් කප්පාදුව සිදු කිරීමට තීරණය කළේ යැයි අගමැතිනිය පැහැදිලි කර ඇත.
නවසීලන්තයෙන් මේවනවිට කොවිඞ් 19 ආසාදිතයන් 1,300 කට වැඩි පිරිසක් හමුවී ඇති අතර මරණ 9 ක් වාර්තා වේ.
(රොයිටර්)

