නවසීලන්තයෙන් යළිත් කොරෝනා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සාර්ථකව මර්දනය කළ රටක් ලෙස සැලකෙන නවසීලන්තයෙන් යළිත් වරක් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමුවී ඇත.
මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ ඕක්ලන්ඞ් සහ වෙලින්ටන් නගරවලිනි. වෙලින්ටන් යනු නවසීලන්ත අගනුවරය.
එම ආසාදිතයන් සහ ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගනිමින්, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කඩිනමින් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් කටයුතු කරන්නැයි නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් නවසීලන්ත වැසියන්ට පවසා ඇත.
නවසීලන්ත මහ මැතිවරණය පසුගිය ඔක්තෝබරයේ පැවැත්විණි. අගමැතිනී ජැසෙන්ඩාගේ කම්කරු පක්ෂය එයින් විශිෂ්ට ජයක් අත්පත් කර ගත්තේ ඇය ප්රමුඛ ඇගේ රජය සාර්ථක ලෙස කොරෝනා මර්දනය කළ බැවිනි.
ඕක්ලන්ඞ්හිදීය (රොයිටර්)

