නවසීලන්තයෙන් ආසාදිතයෝ දෙදෙනෙක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සාර්ථකව මැඬලූ නවසීලන්තයෙන් නව ආසාදිතයන් දෙදෙනකු වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

මෙසේ නව ආසාදිතයන් දෙදෙනකු හමුවූයේ නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් ප්‍රමුඛ රජය ලොක්ඩවුන් තහංචි ලිහිල් කර ඇති අවස්ථාවකය.

හමුවුණු ආසාදිතයන් දෙදෙනාගෙන් එක් අයකු වැඩිහිටි නිවසක සාමාජිකයකු වන අතර අනෙක් තැනැත්තා විදේශයකින් පැමිණි සංචාරකයකු බව පැවැසෙයි.

වෙලින්ටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS