නවසීලන්තයෙන් ආසාදිතයෝ දෙදෙනක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් නිදහස් යැයි පැවැසූ නවසීලන්තයෙන් නව කොවිඞ් 19 ආසාදිතයන් දෙදෙනකු හමුවිය.
 

මොවුන් දෙදෙනා හමුවූයේ නවසීලන්ත සමාජයෙන් නොවන බව සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. මෙම නව ආසාදිතයන් දෙදෙනා විදේශවල සිට පැමිණි නවසීලන්ත ජාතිකයෝ දෙදෙනකි. දෙදෙනා පැමිණ ඇත්තේ එක්සත් රාජධානියේ සිටය.

නවසීලන්තය එරටට පනවා තිබූ සියලු තහංචි ඉවත් කළේ පසුගිය සතියේය. ඒ, අවසන් ‘කොවිඞ් 19’ ආසාදිත රෝගියා සුවය ලබා රෝහලෙන් පිටවී දින 17 කට පසුවය.

රටේ කටයුතු යළි යථා තත්ත්වයට පත් වුවත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින්, මනා සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් කටයුතු කරන්නැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩන් ද ජනතාවට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙයි.

වෙලිංටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS