නවල්නි ජර්මනියට ගෙනියන්න අවසර

සර්බියාවේ රෝහලක, සිහිසුන්ව, කෝමා තත්ත්වයක පසුවන රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජර්මනියේ රෝහලක් වෙත ගෙනයෑමට අවසර හිමි වී තිබේ.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිර්දය විවේචනය කරන, දූෂණ විරෝධියකු ලෙස 44 හැවිරිදි නවල්නි සැලකෙයි. පසුගිය දා, සර්බියාවේ සිට ගුවන් යානයකින් රුසියාව බලා ගමන් කරමින් සිටිද්දී, නවල්නි හදිසියේ අසනීප විය.
ගුවන් යානය ආපසු සර්බියාවට හරවා හදිසියේ ගොඩබෑමට නියමුවෝ කටයුතු කළහ. නවල්නි අසනීප වූයේ ගුවන් යානයේ දී ලබා දුන් තේ කෝප්පයක් පානය කිරීමෙන් පසුවය.
ඇලෙක්සි නවල්නි ට වස දෙන්න ඇතැයි අනුමාන කෙරුණි. කෙසේ නමුත් සර්බියාවේ ඔම්ස්ක් නුවර වෛද්‍යවරුන් කියා සිටියේ එය වස දීමක් නොව, ඔහු හිටිහැටියේ කෝමා තත්ත්වයට පත් වී ඇත්තේ සිරුරේ සීනි මට්ටම අඩුවීමෙන් බවය.
නවල්නිගේ සුවදුක් විමසීමට ඔහුගේ පවුලේ අයට පවා අවස්ථාවක් නොලැබුණි. ඒ, සර්බියානු ආරක්ෂක අංශ ඔවුන්ට විරෝධය දැක්වූ බැවිනි.
සර්බියානු රෝහල්වල ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින්, නවල්නි ජර්මනියේ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන යා යුතු බව නවල්නිගේ බිරිඳ යුලියා, සිය ට්විටර් ගිණුම ඔස්සේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ද ඉල්ලීමක් කළාය.
කෙසේ නමුත් සර්බියානු වෛද්‍යවරුන් කළ ඉල්ලීමකට අනුව, ජර්මන් වෛද්‍ය කණ්ඩායමක් පැමිණ නවල්නි පරීක්ෂා කර ඇති අතර, ඔහු ජර්මනියට රැගෙන යෑම සම්බන්ධයෙන් කැමැත්ත පළ කර තිබේ.
තවමත් සිහිසුන් තත්ත්වයේ පසුවන නවල්නි ජර්මනියට රැගෙන යන බව ඔම්ස්ක් රෝහලේ ප්‍රධානී වෛද්‍ය ඇනටෝල් කලින්චෙන්කෝ මාධ්‍යවේදීන්ට පැහැදිලි කර තිබේ.
(අල් ජසීරා)

