නවදිල්ලියේ වායු දූෂණය ඉහවහා යයි



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය අන් කවරදාටත් වඩා ඉහවහා ගොස් ඇති බව පවසමින්, මිලියන පහක් මුහුණු ආවරණ නවදිල්ලි වැසියන් අතරේ බෙදාදීමට දිල්ලි මහ ඇමැති අරව්න්ද් කෙජ්රිවාල් පියවර ගෙන ඇත.

විස වායු දුමාරයෙන් ආරක්ෂාවීම වැදගත් බව දිල්ලි මහ ඇමැතිවරවයා දිල්ලි නවදිල්ලි වැසියන්ට අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ. රජයේ සහ පෞද්ගලික පාසල්වලට මුහුණු ආවරණ ලබාදීම ඊයේ (1) සිදුවිය.

නවදිල්ලි අගනුවර විස දුමාරය නිර්මාණය වී ඇත්තේ වාහනවලින් පිටවන විස දුම්, දූවිලි අංශු සහ කර්මාන්ත ශාලාවලින් නැගෙන දුම් මුසු වීමෙන් යැයි පරිසරවේදීහු පෙන්වා දෙති. දීපවාලී වෙනුවෙන් මල්වෙඩි පත්තු කිරීම මෙම තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතුවක් වූ බව පැවැසෙයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS