නයිජීරියා හමුදාව වැරැදීමකින් එල්ල කළ ප්‍රහාරයකින් 52ක් මරුට

නයිජීරියා හමුදා වැරැදීමකින් එරට ගිනිකොන ප්‍රදේශයේ පිහිටි සරණාගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් පනස් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බොකෝ හරාම් සටන්කාමීන්ගේ කේන්ද්‍රස්තානයක් වන බෝර්නෝ ප්‍රාන්තයට උතුරින් පිහිටි රාන් හි පිහිටි සරණාගත කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මියගිය පිරිස අතර සහන සේවකයන්ට සිටින බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. තම සේවකයන් හය දෙනකු මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි රතු ක--ුරුස සංවිධානය නිවේදනය කර තිබිණි. නයිජීරියාව ගුවන් හමුදා වැරැදීමකින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි සීමා විරහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය ද නිවේදනය කළේය.
බොකෝ හරාම් සටන්කාමීන් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ප්‍රහාරය වැරැදී යෑමෙන් මෙසේ සරණාගත කඳවුරකට ප්‍රහාරය එල්ල වී ඇත. ජනාධිපති මුහම්මදු බුහාරි යටතේ නයිජීරියා හමුදාව බොකෝ හරාම් සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර එල්ල කරයි. මෙම ප්‍රහාරයත් සමඟ කලබල නොවැන්නයි කනගාටුව ප්‍රකාශ කරමින් නයිජීරියා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ කැමරූන් දේශසීමාවේ පිහිටි සරණාගත කඳවුරකටය. බොකෝ හරාම් සටන්කාමීන්ට එරෙහිව නයිජීරියා හමුදා දරුණු සටන්වල නිරත වී සිටින අතර එය සටන්කාමීන්ට එරෙහිව කරන අවසන් සටන යැයි ද නයිජීරියා හමුදාව පවසා තිබිණි.

නයිජීරියා හමුදාවට මෙලෙස අත් වැරැදීමක් වූ පළමු අවස්ථාව මෙය යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
බොකෝ හරාම් සංවිධානය දකුණු අප්‍රිකා මහද්වීපයේ ජනගහනයෙන් වැඩිම රට ලෙස සැලකෙන නයිජීරියාව තුළ ප්රචණ්ඩ ක්‍රියා කරන අතර පැහැර ගැනීම්වලට සම්බන්ධව සිටියි. වත්මන් ආණ්ඩුව පෙරළා දමා ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම තම අරමුණ කරගෙන සිටින බොකෝ හරාම් සංවිධානය අයි.එස් සංවිධානයට සහාය දෙන බව ද ප්‍රකාශ කර ඇත.
ගැටුම් හා කාලගුණ තත්ත්ව හේතුවෙන් නයිජීරියානු වැසියෝ අර්බුද රැසකට මුහුණ පා සිටිති. නයිජීරියාව හා එම කලාපයේ කුසගින්න හා සාගත තත්ත්වලට පිළියම් සෙවීමට ඇමෙරිකානු ඩොලර් බිලියනක මුදලක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය මාසයේ නිවේදනය කළ අතර ඒ සඳහා මුදල් සෙවීමද ආරම්භ කළේය.
දකුණු අප්‍රිකා මහද්වීපයේ ගිනිකොන දිග රටවල් දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින බවත් ගිනිකොන දිග රටවල් තුනක මිලියන 5.1ක ජනතාවක් ඉන් පීඩා විඳින් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේය. සාගතය නිසා පීඩාවට පත්ව සිටින එම ජනතාව සිවිල් ගැටුම් නිසා තවත් පීඩාවට පත්ව ඇතැයි ද එම වාර්තාවල දැක්විණි.
අබූජාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)

