නයිජීරියා ජනාධිපති ඇමෙරිකාවේ



ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණි නයිජීරියා ජනාධිපති මුහම්මාදු බුහාරී සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි.

ධවල මන්දිරයට පැමිණි නයිජීරියා ජනාධිපති උණුසුම් ලෙස පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කළේය. නයිජීරියා ජනාධිපති බුහාරී සහ ට්‍රම්ප් එකිනෙකා හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

නයිජීරියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ බෝකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ය. ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නයිජීරියාව අස්ථාවර වී ඇත. රාජ්‍ය නායකයන් දෙදෙනා මෙම අර්බුද සම්බන්ධයෙන් දීර්ගවශයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. සාකච්ඡාවලින් පසු රාජ්‍ය නායකයෝ දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS