නයිජීරියාවේ විදෙස් ඇමැතිට කොරෝනා
නයිජීරියාවේ විදේශ අමාත්‍යවරයාට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඇමැති ජෙෆ්රී ඔනියාමා, නයිජීරියානු ජනධිපති විසින් පත් කරනු ලැබූ ‘කොවිඩ් 19’ කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ද වෙයි. ආසාදිතයකු යැයි තහවුරු වීමෙන් පසු තමන් හුදෙකලා වී සිටින බව ඇමැතිවරයා පැවැසුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.
නයිජීරියා ජනාධිපති මුහම්මදු බුහාරී ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැති ජෙෆ්රී ඔනියාමා ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබේ. මේ වනවිට ‘කොවිඩ් 19’ කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයන් ද වයිරසය ආසාදනය වී ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණවලට යොමු කළ බව පැවැසෙයි.
නයිජීරියාව අප්‍රිකා රාජ්‍යයක් වන අතර, එරටින් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 36,000 පසු කර තිබේ. මරණ වාර්තා වන්නේ 800 ක් ලෙසිණි. රෝගය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 15,000 කි.
අබූජාහිදීය (රොයිටර්)

