නයිජීරියාවේ තෙරපීමකින් 31 ක් මියයති



අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ දේවස්ථානයක සිදුවුණු තෙරපීමකින් 31 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

තෙරපීම සිදුවූයේ පෝට් හාකෝට් නමැති නගරයේ, කිංග්ස් සභාවේ පෙන්තකොස්ත දේවස්ථානයේ පුණ්‍ය කටයුත්තක් අතරතුරේය.

දේවස්ථානය, ආහාර බෙදා දීමක් සිදු කළ අතර, ආහාර ලබා ගැනීමට 500 කට වැඩි පිරිසක් දේවස්ථාන භූමියේ රැස්ව සිටි බව පැවැසෙයි. දේවස්ථානයේ ගේට්ටුව අසල සිදුවුණු කලබලයක් හේතුවෙන් තෙරමීප හටගත් අතර, මියගිය වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් යැයි රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.

තෙරපීම සිදුවූයේ ඊයේ (28) දිනයේය. දේවස්ථානය ආහාර බෙදා දෙන බව දැනගත් වැසියන් දේවස්ථානය ඉදිරිපිට පෝල්ම් ගැසී සිට ඇත්තේ පසුගිය සිකුරාදා (27) දිනයේ සිටය.

තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS