නඩු කියන්න සූදානම් - ට්‍රම්ප්



ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, තමන් ජයග්‍රහණය කළේ යැයි පවසමින්, ජනාධිපති ඩොල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඡන්ද වංචා රැසක් සිදුවී ඇති බැවින් තමන් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පතන බවය.

මිලියන ගණනක් ඇමෙරිකනුවන් තමන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරමින් තම ජයග්‍රහණය තහවුරු කර ඇති බවටත්, අතලොස්සක් තමන්ගේ ඒ ජයග්‍රහණය තමන්ගෙන් උදුරා ගැනීමට උත්සාහ ගන්නා බවටත් ට්‍රම්ප් චෝදනා කරයි.

ඡන්ද වංචා සම්බන්ධයෙන්, තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය අපේක්ෂා කරන බවත්, සෙසු ජනපදවල ඡන්ද ගණන් කිරීම නවත්වන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ජනපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ.ෙ

ජනපති ට්‍රම්ප් මෙසේ අවධාරණය කළේ ඇමෙරිකාවේ ජනපද 50 ක් ජනපද 40 ක ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ අවස්ථාවේදීය. ජයග්‍රහණය සඳහා ඡන්ද 270 ක් දිනා ගැනීමට අවශ්‍ය වන අතර, ඒම අවස්ථාවේ ට්‍රම්ප් දිනා සිටියේ ඡන්ද 2013 ක් පමණි. ට්‍රම්ප් ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් දිනා සිටි ඡන්ද ප්‍රමාණය 220 කි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS