ධවල මන්දිර සන්නිවේදන ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ මයික් ඩුබ්කේ ඉල්ලා අස් වී තිබේ.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පත්වී මාස තුනකට පසු මයික් ඩුබ්කේ ඉල්ලා අස් වී තිබෙන අතර ඔහු රිපබ්ලිකන් පක්ෂයේ සිටින අත්දැකීම් සහිත උපායමාර්ගි දක්ෂතා ඇති අයකු ලෙස සැලකේ.
මයික් ඩුබ්කේ ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම තනතුරට ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් සීන් ස්පයිසර් පත් කර ඇති අතර ඩුබ්කේගේ ඉවත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වෙනු ඇතැයි ද පැවසේ.
ධවල මන්දිරයේ සන්නිවේදන කණ්ඩායම තුළ තනතුරුවල වෙනසක් සිදුවනු ඇතැයි ද වාර්තාවන අතර සන්නිවේදන කණ්ඩායම තුළ අවුලක් නිර්මාණය වී ඇතැයි ද වාර්තා විය.
ධවල මන්දිරයේ සන්නිවේදන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් කනස්සල්ලෙන් සිටින බව ද තවදුරටත් වාර්තා විණි.
වොෂින්ටන්හිදීය(රොයිටර්/ඒ.එෆ්.

