ධවල මන්දිර නිලධාරීන්ගෙන් කප්පම් ගන්න හැදු හැකර්වරුන් දැලේ

ධවල මන්දිරයේ සේවය කරන නිලධාරීන් කීප දෙනෙකුගේ විද්යුත් ලිපිනයන් වලට හොර රහසේ ඇතුල් වී එහි තිබු දත්ත සොරා ගනිමින් එම නිලධාරීන්ගෙන් කප්පම් ලබාගැනීම උත්සහකල හැකර්වරුන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත්වී ඇති බව අල්-බයන් පුවත්පත වාර්තා කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
ධවල මන්දිර නිලධාරීන්ගේ විද්යුත් ලිපිනයන් වලට ඇතුල්වු පුද්ගලයින් පිළිබද තොරතුරු අදාල බලධාරීන්ගෙන් ලැබුණු බව සයිබර් අපරාධ අංශයේ තොරතුරු සහ සංවර්ධන අංශ ප්රධානී, මේජර් සවුද් අල්-කලිදි ප්රකාශ කලේය.
සයිබර් අපරාධ අංශයේ විශේෂඥයින් කණ්ඩායමක් යොදවා පැය දෙකක් ඇතුලතදී ධවල මන්දිර නිලධාරීන්ගෙන් කප්පම් ලබාගැනීම සදහා කටයුතු හැකර්වරුන් සියලු දෙනාගේ IP address ලබාගැනීමට හැකිවු බව මේජර් සවුද් අල්-කලිදි වැඩිදුරටත් ප්රකාශ කලේය.
අරක්ෂක අංශ වල සහය ඇතිව අජ්මාන් නුවර පිහිටා ඇති නිවාස සංකීර්ණයක් වටලා එහි සිටි හැකර්වරුන් කණ්ඩායම අත්අඩංගුවට ගත් අතර ඔවුන් පරිගණක පද්ධති තුල ඇති දත්ත සොරාගැනීමේ විශේෂඥයින් බව තහවුරුවී ඇත.
එසේ ලබාගන්නා තොරතුරු විශාල මුදලකට අලවිකරන බව පොලීසිය තහවුරු කරගෙන ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

