දෛනික කටයුතු ප්‍රවේසමෙන්
‘කොවිඞ් 19’ වයිරස වසංගතය හමුවේ වුවත් රටවල් බොහොමයක් ලොක්ඩවුන් සහ ඇඳිරි නීති තහංචි ඉවත් කරමින් දෛනික කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෝ වැසියන්ට අවධාරණය කළේ කල්පනාවෙන් කටයුතු කරන ලෙසය.
ගෝලීය වසංගතයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සමඟ නව ජීවිතයකට හුරුවීම හැර වෙන කිසිදු විකල්පයක් නොමැති බව ද පාප්තුමන් පෙන්වා දුන්නේය.
පාප්තුමන් මෙසේ පෙන්වා දුන්නේ ශාන්ත පීටර් චතුරස්රයේ පැවැත්වුණු දේව මෙහෙයට සහභාගී වෙමිනි. ‘කොවිඞ් 19’ වයිරසයෙන් දරුණු ලෙස බැට කෑ රටක් වන්නේ ඉතාලියයි. ඉතාලිය ද මේ වනවිට ලොක්ඩවුන් තහංචි ලිහිල් කර රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
(රොයිටර්)

