දේශපාලන අර්බුදයක්

මහා බ්‍රිතාන්‍යයයේ විදේශ ලේකම් (විදේශ ඇමැති) ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් සහ මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කටයුතු මෙහෙයවීම කරන ‘බ්‍රිරක්සිට් ලේකම්’ ඬේවිඞ් ඬේවිස් ඊයේ (09) ඔවුන්ගේ ධුරවලින් ඉවත් වීමත් සමඟ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අර්බුදයකට මුහුණ පා සිටී.
පැවැති ජනමත විචාරයට අනුව, මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, ලබන 2019 වසරේ මාර්තු මාසයේදී සිදුවනු ඇත. ඉන්පසු මහා බ්රිරතාන්යය සහ යුරෝපා සංගමය අතර කටයුතු සිදුවන අයුරු සම්බන්ධයෙන් මතභේද පවතී.
බොරිස් ජොන්සන් සහ ඬේවිඞ් ඬේවිස් ඔවුන්ගේ ධුරවලින් ඉවත් වූයේ එම මතභේද මුල්කොට ගනිමිනි. බොරිස් ජොන්සන්ගේ ඉවත්වීමෙන් පසු එම ධුරයට සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන ජෙරමික් හන්ට් පත් කිරීමට අගමැතිනී තෙරේසා මේ කටයුතු කර තිබේ.
(ඒ.එෆ්.පී.)

