දේශපාලනය නෑ



චීනයේ හුවායි සමාගමේ ප්‍රධානියාගේ දියණිය මෙන්ම, හුවායි සමාගමේ මූල්‍ය කටයුතු  ප්‍රධානියා ලෙස ද කටයුතු කරන මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම පසුපස දේශපාලන බලපෑමක් නැති බව කැනඩා අගමැති ජස්ටින් ටෘ​ඩෝ පෙන්වා දෙයි.

​මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීම ඊයේ (6) සිදුවිය. ඒ, ඇය කැනඩාවේ ටොරොන්ටෝ බලා පැමිණි අවස්ථාවේදීය. ඇමෙරිකාවේ අවශ්‍යතාව මත අත්අඩංගුවට ගැනීම සිදුවුණු බවට චීනය කැනඩාවට දොස් නැගීය.

​මෙංග් වංෂූ වහා නිදහස් කරන්නැයි චීන රජය කැනඩාවෙන් ඉල්ලීමක් ද කළේය. ​මෙංග් වංෂූ අත්අඩංගුවට ගැණුනේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත.

ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීමක් කර ඇත. එම සම්බාධක මධ්‍යයේ චීනය ඉරානය සමඟ ගනුදෙනු කරයි. ඒ සම්බන්ධයෙන් ​මෙංග් වංෂූ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය වී ඇතැයි චීනය චෝදනා කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS