දේශපාලනයට එන්නේ නැහැ: ලේකම් බැන් කී මූන් කියයි

දකුණු කොරියානු ජනාධිපති ධුරය සඳහා තරග කරන බව පවසා තිබුණු එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු ලේකම් බැන් කී මූන් කවුරුත් පුදුමයට පත් කරමින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමා එසේ ජනපති ධුරයට ඉදිරිපත් නොවන බවය.
දකුණු කොරියානුවන් බොහෝ දෙනා විශ්වාසය පළ කළේ රටේ පවතින දේශපාලන අර්බුදය විසඳීමට මූන්ට හැකිවනු ඇති බවය. කෙසේ නමුත් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් බැන් කී මූන් කියා සිටියේ රටේ හටගෙන ඇති දේශපාලන අර්බුදය ගැන තමා කලකිරීමට පත් වී සිටින නමුත් තමා ජනපති ධුරය වෙනුවෙන් තරග නොකරන බවය. ඊට හේතු වශයෙන් ඔහු කිසිවක් නොකී බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කර ඇත.
(රොයිටර්)

