දෙවැනි මරණය හොංකොංවලින්



චීනයෙන් පිට දෙවැනි කොරෝනා මරණය හොංකොං රාජ්‍යයෙන් ඊයේ (4) වාර්තා විය. හොංකොං යනු චීනයට යටත් වෙනම පාලනයක් සහිත පාලන ප්‍රදේශයකි.

හොංකොං රාජ්‍යයේ කොරෝනා වයිරසය පැතිරෙමින් යන අතර, ඊයේ (4) වනවිට කොරෝනා ආසාදිතයන් ගණන 15 දක්වා ඉහළ ගොස් තිබුණි. වයිරසය හේතුවෙන් මියගියේ 39 හැවිරිදි තරුණයකු බවත් මොහු චීනයේ සංචාරක කළ අයකු බවත් අනාවරණය වී ඇත.

චීනයෙන් පිට පළමු හොංකොං මරණය වාර්තා වූයේ පිලිපීනයෙනි. ඒ, ඉකුත් දෙවැනිදාය. මේ වනවිට පිලිපීනයේ සිටින කොරෝනා වයිරස ආසාදිතයන් ගණන දෙකකි.

හොංකොංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS