දෙදින මැලේසියා සංචාරයක



රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ අරමුණින්, මූල්‍ය ආධාර අපේක්ෂාවෙන්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා මැලේසියාවට ගොස් සිටී.

පාකිස්තාන අගමැති ධුරයට පත් වීමෙන් පසු, ඉම්රාන් මැලේසියා බලා පැමිණි පළමු අවස්ථාව මෙයයි. එපමණක් නොව මෙය, පාකිස්තාන අගමැති ඉම්රාන්ගේ තෙවැනි විදෙස් සංචාරය ද වෙයි. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූයේ පසුගිය අගෝස්තුවේය.

ඉම්රාන් ඛාන් සමඟ පාකිස්තාන විදේශ ඇමැති ෂා මහ්මූද් කුරේෂි ද මෙම මැලේසියා සංචාරයට එක් වී සිටින බව ද පැවැසෙයි. ක්වාලාලාම්පූර් නුවරට පැමිණි ඉම්රාන් ඛාන් උණුසුම් ලෙස පිළිගැනීමට මැලේසියා අගමැති මහතීර් මොහොමද් පියවර ගත් බව ද විදෙස් පුවත් සේවා වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS