දෙටේ රස කෑම වර්ග

උතුරු කොරියා දකුණු කොරියා සාම සමුළුවට සමගාමීව, දෙරටට ආවේණික කෑම වර්ග කෙරෙහි ද වැඩි අවධානයක් යොමු විය.
තමන් ‘සීතල නූඞ්ල්ස්’ යනුවෙන් හැඳින්වෙන උතුරු කොරියානුවන්ට ආවේණික නූඞ්ල්ස් දකුණු කොරියා ජනාපති මූන් ජේ ඉන් ට පිළිගැන්වීමට උතුරු කොරියා නායකයා කටයුතු කළේය.
සමුළුව පැවැති ඊයේ (2) ) දිනයේ උතුරු කොරියාවේ මෙම ‘සීතල නූඞ්ල්ස්’ සඳහා දකුණු කොරියා අවන්හල්වල ද ලොකු ඉල්ලුමක් පැවැති බව වාර්තා විය.
ඊට අමතර දකුණු කොරියා ජනාධිපති ද එරටට පමණක් ආවේණික කෑම වර්ග උතුරු කොරියා නායකයා වෙනුවෙන් පිළියෙළ කර තිබුණු බව ද පැවැසෙයි.
උතුරු කොරියා නායකයා එරට ක්රමයට සකස් කළ, එක් කොරියාවක් යන සංකල්පය ඇතිව, කොරියාවේ සිතියමක් ද සහිත කේක් ගෙඩියක් දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන්ට පිළිගැන්වීමට ද උතුරු කොරියා නායක කිම් ජොන් උන් කටයුතු කළේය.
(රොයිටර්)

