දුම්රිය අනතුරට සම්බන්ධ කාටවත් කිසිදු සමාවක් නෑ
පුද්ගලයන් 288 දෙනකුට මරු කැඳවූ මාරක දුම්රිය අනතුරට වගකිවයුතු සියලු දෙනාට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන් සැමට දැඩි දඬුවම් ලබා දෙන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා දී තිබේ.
ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවුණු එම දුම්රිය අනතුරින් 800 දෙනෙක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ ශීඝ්‍රගාමී මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටීමෙනි.
අග්‍රාමාත්‍ය මෝදි අනතුර සිදුවුණු ස්ථානයටත් පසුව තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට රෝහල්වලටත් ගියේය. තුවාලකරුවන්ට අවශ්‍ය සෑම ප්‍රතිකර්මයක්ම ලබා දෙන්නැයි මෝදි රෝහල්වලට උපදෙස් දුන්නේය.
පෙරැළී ගිය දුම්රිය මැදිරිවල සිරවුණු පිරිස් මුදා ගැනීමත්, ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමත් සිදුවූයේ හමුදාවේ මැදිහත් වීමෙනි.
දුම්රිය අනතුරට හේතුව සංඥා පද්ධතියේ දෝෂයක් යැයි ඉන්දීය දුම්රිය ඇමැති අශ්විනී වයිෂනාව් පැහැදිලි කර තිබේ.
දුම්රිය අනතුර සිදුවූයේ ශීඝ්‍රගාමී දුම්රිය දෙකක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක හැපීමෙනි. අනතුරින් තුවාල ලැබූවන් ගණන දහස ඉක්මවා තිබේ. මෙය ඉන්දියාවේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුරකි.
දුම්රිය මාර්ගයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියේ දෝෂයක් හටගෙන තිබුණු බැවින් දුම්රිය තුනම එකම මාර්ගයක ගමන් කළේ යැයි අනතුරින් පසු සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ. දුම්රිය අනතුර සිදුවූයේ ඔඩිෂා ප්රාන්තයේය.
(එන්.ඩී.ටීවී.)