දිවියෙකු යන්බු කර්මාන්ත කලාපය දෙවනත් කරයි

පසුගියදා සෞදි අරාබියේ යන්බු කර්මාන්ත පුරයට මධ්‍යම රාත්‍රියේ ඇතුළුවු දිවියෙකු නිසා මහත් කලබැගැනියක් සිදුවූ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
දිවියාව අල්ලා ගැනීම සදහා විශාල පරිශ්‍රමයක් දැරීමට ආරක්ෂක අංශ නිළධාරීන්ට සිදුවී ඇති අතර මේ සදහා මෙම කර්මාන්ත පුරයේ අයිතිකරුගේ උපකාරය ලබාගැනීමට සිදුව ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ විඩියෝවක් සමාජජාල වෙබ් අඩවිවල පළවීමෙන් පසු විශාල වශයෙන් ප්‍රසිද්ධියක් ලැබී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

