දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ඇරැඹේ



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත මැතිවරණය අද (8) ආරම්භ විය.

දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ අරවින්ද් කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂයයි. යළි බලයට පත් වීමට ‘ආම් ආද්මී’ (පොදු මිනිසා) පක්ෂය සූදානම් වන නමුත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් ඊට අභියෝග එල්ල වී ඇත.

දිල්ලි ප්‍රාන්තය වෙනුවෙන් ගාන්ධිවරුන්ගේ කොංග්‍රස් පක්ෂය ද සටන් වදී.

දිල්ලි ප්‍රාන්ත සභාව ආසන 70 කින් සමන්විතය. ඡන්දය ප්‍රකාශ කිරීම අද උදෑසන 8 ට ආරම්භ වුණු අතර සවස 6 ට අවසන් විය.

ඡන්දය ප්‍රකාශ කිරීමට එක්කෝටි හතලිස් හය ලක්ෂයක් සුදුසුකම් ලබා සිටි බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS