දිල්ලියේ බලය පොදු මිනිසාට හිමිවන ළකුණු
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණයෙන් බලයේ සිටින ‘ආම් ආද්මී’ (පොදු මිනිසා) දේශපාලන පක්ෂයට දිගටම බලයේ රැඳී සිටීමට අවස්ථාව උදා වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා මෙසේ පෙන්වා දුන්නේ නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුවය. ‘ආම් ආද්මී’ පක්ෂය මෙහෙයවන්නේ, දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් ය. දිල්ලි ප්‍රාන්ත සභාව ආසන 70 කින් සමන්විතය. එයින් ආසන 56 ක් ආම් ආද්මී පක්ෂයට හිමිවනු ඇතැයි පැවැසෙයි.
ඒ අනුව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට මෙවර ද දිල්ලියේ බලය අහිමි වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

