දිල්ලියේ ඇඳන් දිල්ලි වැසියන්ට පමණයි



ඉන්දියාවේ නවදිල්ලියේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ඉහවහා ගොස් ඇති බවත් නවදිල්ලියේ රෝහල්වල ධාරිතාව උපරිමයට ළං වී ඇති බවත් වාර්තා වේ.

මේ හේතුව නිසා රෝහල් ඇඳන් දිල්ලි අගනුවර පදිංචිකරුවන්ට පමණක් ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි පැවැසෙයි. පිට ප්‍රාන්තවලින් දිල්ලියට පැමිණ සිටින ඉන්දියානුවන්ට දිල්ලි රෝහල්වල ඇඳන් ලබා නොදෙන බව ද පැවැසෙයි.

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වුණු ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 9,971 කි. ඒ අනුව, සමස්ත ආසාදිතයන් ගණන 2,46,628 ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාවෙන් මරණ 6,929 ක් වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS