දිල්ලියේ ආසාදිතයන් හිටිහැටියේ වැඩිවෙලා

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයේ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන සියයට 50 කින් වැඩි වී ඇති බවත්, මෙය හිටිහැටියේ සිදුවූවක් බවත් සෞඛ්‍ය අංශ කියයි.
ගතවුණු පැය 24 ඇතුළත හමුවුණු නව ආසාදිතයන් ගණන 202 කි. ඒ අනුව දිල්ලියේ සමස්ත ආසාදිතයන් ගණන 18,66,891 තෙක් ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.
ආසාදිතයන් වාර්තා වීම වැඩි වුවත් ගතවුණු පැය 24 ඇතුළත කිසිදු 'කොවිඩ් 19' මරණයක් වාර්තා වී නැති බව ද සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

