දින 3 කින් අලුත් ආසාදිතයෝ නෑ
ගතවුණු තෙදින ඇතුළත චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් කිසිදු නව ආසාදිතයකු හමු නොවුණු බව වාර්තා වේ.
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම ඇරැඹුණේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. මේ වනවිට නගරයේ ආසාදිතයන් ගණන සහ මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇත.
චීනයෙන් වාර්තා වුණු ‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 81,008 කි. මරණ 3,255 කි. 71,740 ක පිරිසක් වයිරසය ආසාදනය වී සුවය ලැබූ බව ද පැවැසෙයි.
(රොයිටර්)

