දිනකදී මරණ 475 ක්



ගතවුණු පැය 24 ඇතුළත ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය සංඛ්‍යාව 475 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවත් ඉතාලි රජය වාර්තා කරයි.

චීනයෙන් පිට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගවෙන් පැතිරෙන යුරෝපා රටක් වන්නේ ඉතාලියයි. අද (19) වනවිට ඉතාලියෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,978 කි. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 35,713 කි.

ඉතාලි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට ඉතාලි රෝහල්වල වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කාර්ය මණ්ඩල සාමජිකයන් බොහෝ දෙනකු ද මේ වනවිට වයිරස ආසාදිතයන් බවට පත් වී ඇත. වයිරස ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යද්දී, ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම ගැටලුවක් වී ඇතැයි ද පැවැසෙයි.

චීනයෙන් පිට දරුණු ලෙස ‘කෝවිඞ් 19’ වයිරසය පැතිරයන රටක් ලෙස සැලකෙන්නේ ඉතාලියයි. ඉතාලි රජය වයිරසය පාලනය කිරීමේ අරමුණ ඇතිව මුළු ඉතාලියම වසා දැමීමට (ලොක් ඩවුන්) පියවර ගෙන ඇත.

රෝමයේදීය (රොයිටර්)


RECOMMEND POSTS