දිනකදී ආසාදිතයෝ 39,000 ක්

ඇමෙරිකාවෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝගීන් අද (25) වාර්තා වූ බවත් එම සංඛ්‍යාව 39,000 ක් බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.
ඇමෙරිකාවේ වැඩි වැඩියෙන් ආසාදිතයන් වාර්තා වන්නේ ටෙක්සාස්, ෆ්ලොරීඩා සහ කැලිෆෝනියා ජනපදවලිනි.
ගතවුණු පැය 24 ඇතුළත ෆ්ලොරීඩාවෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 7,100 ක් බවත් කැලිෆෝනියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 5,510 ක් බවත් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

