දිගටම නිවසේ සිට වැඩ



‘ට්විටර්’ සමාජ මාධ්‍ය සේවා සැපැයුම් ආයතනයේ ප්‍රධානී ජැක් ඩෝර්සි සිය සේවක සේවිකාවන්ට පවසා ඇත්තේ කැමැති කාලයක් නිවෙස් සිට රැකියාවේ නියැලෙන ලෙසය.

ලොව ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය සමාගම ලෙස සැලකෙන්නේ ‘ට්විටර්’ ය. ට්විටර් සමාගමේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවරය.  ලොව පුරා රටවල් කීපයක ශාඛා කාර්යාල ඇත.

‘කොවිඞ් 19’ වයිරස ව්‍යාප්තියත් සමඟ ටිවිටර් සමාගම එහි සේවක සේවිකාවන්ට නිවසේ සිට රැකියා කටයුතු සිදු කරන්නැයි උපදෙස් ලබා දුන්නේය. ‘කොවිඞ් 19’ උවදුර පහව ගිය පසුවත්, කැමැති කාලයක් නිවසේ සිට රැකියාව කරන්නැයි ප්‍රධානී ජැක් ඩෝර්සි උපදෙස් දී ඇත.

සැන් ෆ්රැන්සිස්කෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS