දැරියකගේ උගුරේ සිරවූ මාලය සාර්ථකව ඉවත් කෙරෙයි



අල්-ටයිෆ් නගරයේ ජීවත්වන වයස අවුරුදු 7ක දැරියක් රන් මාලියක් ගිලීම නිසා කිංග් ෆයිසාල්රෝහලේ ඇතුලත් කර ඇති අතර වෛද්‍යවරුන් විසින් එම දැරියගේ ජීවිතය බේරාගැනීමට සමත්විය.

මෙම මාලය උගුරේ හිරවී ඇති අතර උගුරේ හිරවීම හේතුවෙන් ඇයට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී ඇත. 

එම අවස්ථාවේදීම දෙමාපියන් විසින් ඇයව රෝහල ගත කිරීමට කටයුතු කරන ලදී.   

මෙම රන් මාලය ඉවත්කිරීම සදහා වෙද්‍යවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇත.

මෙහිදි වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයක් වන esophagoscopy ක්‍රමය වෛද්‍යවරුන් විසින් මෙම මාලය ඉවත් කිරීම සදහා භාවිතා කර ඇත.

මෙම දැරිය යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්ථා වේ. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS