දරුවන් බේරාගත් තායි හමුදා භටයා මියයයි

මීට වසරකට පෙර, උතුරුදිග තායිලන්තයේ තාම් ලුආන්ග් ලෙන තුළ සිරවී සිටි දරුවන් බේරා ගැනීමේ සම්බන්ධ වී, එම මෙහෙයුම අතරතුරේ රෝගී වූ තායිලන්ත නේවි සීල් හමුදා නිලධාරියා මියගිය බව තායිලන්ත පුවත් සේවා වාර්තා කරයි.
බෙයිරුත් පක්බාරා මියගොස් ඇත්තේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් සිදුවුණු ලේ විස වීමකිනි. මේ බව නිවේදනය කළේ තායිලවන්ත නේවි සීල් බළඇණියයි.
බෙයිරුත් පක්බාරා ඇතුළු සෙසු නේවි සීල් භටයන් මෙන්ම බි්රතාන්ය කිමිඳුම්කරුවන් ද ලෙන තුළ සිරවුණු දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගත්තේ දිවි පරදුවට තබමිනි. බෙයිරුත් පක්බාරා ආසාදන තත්ත්වයට පත් වී ඇත්තේ එම අසීරු මෙහෙයුමට සම්බන්ධ වුණු අවස්ථාවේදී යැයි වෛද්‍යවරු පවසති.
එම මෙහෙයුමෙන් පසු බෙයිරුත් පක්බාරා වෛද්‍යවරුන් කිහිප දෙනකුගෙන් ප්‍රතිකාර ලබා ගත් බව ද නේවි සීල් බළඇණිය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
(රොයිටර්)

