දරුවකු පිළිසිද ගත්තැයි විදේශ යුවල අත්අඩංගුවට

විවාහ වීමට පෙර දරුවකු පිළිසිදගැනීම නිසා එක්සත් අරාබි එමිරේට්ස් හි ජීවත්වන විදේශිය යුවලක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් දෙදෙනා වන දකුණු අප්‍රිකානු ජාකිත එමිලින් කල්වවෙල්(29) ඔහු වසර පහක සිට සේවය කරන අතර ඔහුගේ පෙම්වතිය වන යුක්රේන ජාතික අයිනා නොහයි (27) ජනවාරි මාසයේ සිට එමිරේට්ස් හි සේවය කරනු ලබයි
අයිනාට ඇතිවූ බඩේ කැක්කුමකට ප්‍රතිකාර ලබාගැනීම සදහා වෛද්‍යවරයෙකු හමුවීමට ගොස් ඇති අතර වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු අයිනා ගැබ්ගෙන ඇති බව පවසා ඇත.
එමිරේට්ස්හි පවතින නීතිය අනුව විවාහයට පෙර දරුවකු පිළිසිදගැනීම වරදක් වේ.
දැනට ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවේ රදවා ඇත.
වෛද්‍යවරුන් විසින් ඇයව පරීක්ෂා කරන අතර යම් හෙයකින් එය තහවුරු වුවහොත් සිරදඩුවම් විදීමට සිදුවනු ඇත.
රටතුල ක්‍රියාත්මක වන නීතියක් බැවින් ඒ සදහා මැදිහත් වීමට හැකියාවක් නොමැති බවත් නීති ආධාර සදහා ඔවුන්ට සදහය දැක්වීමට තම අමාත්‍යාංශය පියවර ගන්නා බව දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කලේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

