දරුණු තත්ත්වයකට සූදානම් වෙන්න

රුසියාවේ ‘කොවිඞ් 19’ වයිරස වසංගත තත්ත්වය ඉතා දරුණු වෙමින් පවතින බවත් ඊට මුහුණදීමට ජනතාව, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ සූදානම් විය යුතු යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
රුසියන් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘කොවිඞ් 19’ වයිරසය මැඩලීම සම්බන්ධයෙන් පත් කළ විශේෂ කාර්ය සාධක බලකාය කළ අනතුරු ඇඟවීම් අනුවය.
රුසියන් ජනාධිපති පුටින්, එම කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය, ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර පැවැත්වූ සාකච්ඡාව සජීවී ලෙස රුසියානු ජාතික පුවත් සේවය ඔස්සේ විකාශය කෙරුණි.
වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වන්නේ නම්, ආසාදිතයන් සොයා ගැනීමට, අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අංශවල සහායට හමුදාව යොදවන බව ද රුසියන් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
මේ වනවිට රුසියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 18,000 පසු කර ඇති අතර මරණ 148 ක් ලෙස වාර්තා වේ. මොස්කව් අගනුවරට ඔබ්බෙන් වයිරස ආසාදිතයන් වෙනුවෙන් වෙනම රෝහලක් ඉදි කිරීමට ද රුසියන් ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
මොස්කව්හිදීය (රොයිටර්)

