දකුණු පිලිපීනයේ සූකර උණ පැතිරේ
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන්, චීනයෙන් පිට පළමු මරණය පිලිපීනයෙන් වාර්තා වෙද්දී, පිලිපීනයේ සූකර උණ වයිරසය ද පැතිරීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
සූකර උණ වයිරසය පැතිර යන්නේ දකුණුදිග පිලිපීනයේ ඩවාවෝ සහ මින්ඩානෝ යන පළාත් ඌරු ගොවිපොළවල ඌරන් අතරේ ය.
එය පහසුවෙන් මිනිසුන්ට ආසාදනය විය හැකි බැවින්, සූකර උණ ඇතැයි තහවුරු වුණු ඌරන් මරා දැමීමට ද පියවර ගත් බව පිලපීන කෘෂිකර්ම අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
ඩවාවෝ සහ මින්ඩානෝ යන පළාත්වල පැතිරෙන්නේ ‘අප්‍රිකානු සූකර උණ’ යැයි පිලිපීන සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනාගනු ලැබ ඇත.
දකුණුදිග පිලිපීනයේ පැතිරෙන්නේ, අප්‍රිකානු සූකර උණ වයිරසයයි. ලොව 10 වැනි විශාලතම ඌරු මස් නිෂ්පාදකයා වන්නේ පිලිපීනයයි. පිලිපීනය මීට පෙර ද සූකර උණ වසංගතවලට මුහුණ පා ඇත. අවසන් වරට පිලිපීනයේ සූකර උණ පැතිරෙන්න වූයේ 2019 සැප්තැම්බරයේ ය.
පිලිපීන සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසා ඇත්තේ, ඩවාවෝ සහ මින්ඩානෝ ප්‍රාන්තවල පැතිරෙන සූකර උණ මනුෂ්‍යයන්ට පැතිරීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවය. පිලිපීන රජය පවසා ඇත්තේ සූකර උණ වයිරසය ගැන හෝ චීනයෙන් ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය ගැන හෝ අනිසි බියක් ඇති කර ගැනීමෙන් වැළකී සිටින ලෙසය.
මැනිලාහිදීය (ඒ.එෆ්.පී.)

