දකුණු කොරියා යුද අභ්‍යාස අඩු කරනවා - ට්‍රම්ප්



ඇමෙරිකා ඉරාන යුද්ධයේ දී, ඇමෙරිකාවට සහාය නොදැක්වීම හේතුවෙන්, දකුණු කොරියාව සමඟ පවත්වන ඒකාබද්ධ යුද අභ්‍යාස සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

තමන් ගත් මෙම තීරණය, තමන් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ පවතින යහපත් සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට හේතුවක් වනු ඇතැයි ද ට්‍රම්ප් පවසා ඇත. ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී උතුරු කොරියා නායක කිම් ජොං උන් සමඟ යහපත් සබඳතා පැවැත්වීය. එවකට දකුණු කොරියානු රජය සහ චීනය ඊට මැදහත් වී සහාය දැක්වීය. ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතරේ අවස්ථා තුනකදී හමුවීම් තුනක් සිදුවිය.

එක් අවස්ථාවක, උතුරු කොරියා සහ දකුණු කොරියා දේශසීමාවේ දී පවා ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හමුවක් පැවැත්විණි. එසේ වුවත්, එම මත ගැටුම් හේතුවෙන් එම සබඳතා වර්ධනය වූයේ නැත.


RECOMMEND POSTS