දකුණු කොරියා ජනපති ඇමෙරිකා ජනපති හමුවක්



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වන ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අතර හමුවක් පැවැත්විණි.

මෙම හමුවේ ප්‍රධාන මාර්තෘකාව වූයේ උතුරු කොරියාවය. උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාම මාවතට ගැනීමේ දී මැදහත්කරු ලෙස කටයුතු කළ එක් අයකු වන්නේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ය.

ජනාධිපති ඉන් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ තෙවැනි සමුළුව ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. එය සිදුවන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS