දකුණු කොරියා ජනපතිට උතුරෙන් ලිපියක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන් තමන්ට ලිපියක් එවා ඇති බවත්, සිදුවෙමින් පවතින න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් ලබන වසරේ නිරන්තරයෙන් හමුවී සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියා නායකයා කැමැත්ත පළ කර ඇති බවත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පවසා ඇත.
පසුගිය 2018 වසරේ දී උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් අවස්ථා තුනකදී එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වීය. එහි ප්‍රතිඵලය වූයේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පැවැති එදිරිවාදිකම් අවසන් වීමය.
උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නවත්වා ඇති අතර, න්‍යෂ්ටික අවිහරණ කටයුතු ද ආරම්භ කර තිබේ. ඉදිරියේ දී එම කටයුතු සාකච්ඡා කරමින් සිදු කළ යුතු යැයි ද උතුරු කොරියා නායකයා තමන්ට දන්වා ඇති බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පවසා ඇත.
(ඒ.එෆ්.පී.)

