දකුණු කොරියාවේ මුහුණු ආවරණ අනිවාර්යයි



දකුණු කොරියාවේ සෝල් අගනුවර මුහුණු ආවරණ අනිවාර්ය කරන බව සෝල් නගර බලධාරීහු පැවැසූහ.

සෝල් අගනුවර වැඩ බලන පුරපති සියෝ ජියොන් හයිප් මාධ්‍ය හමුවේ පැවැසුවේ ගතවුණු සති අන්තයේ ආසාදිතයන් 397 දෙනකු සෝල් නුවරින් වාර්තා වූ හෙයින්, මුහුණු ආවරණ අනිවාර්ය කරන බවය.

පසුගිය මාර්තු මාසයෙන් පසු සෝල් අගනුවරින් ආසාදිතයන් 300 ඉක්මවා වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ‘වයිරස ආසාදිතයන් යළි වැඩිවීමක් පෙන්නුම් කරනවා. නිවෙස්වලින් පිටතට යන සැවොම මුහුණු ආවරණ පැලඳිය යුතුයි.’ යැයි වැඩ බලන පුරපති සියෝ ජියොන් හයිප් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ගතවුණු දින 10 ඇතුළත දකුණු කොරියාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 2,600 කි. ඒ අනුව, සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 17,400 තෙක් වැඩි විය. මරණ වාර්තා වී ඇත්තේ 309 ක් ලෙසිනි.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS